ගුණ සමරු පිංකම 2018 (SOLVED)

බොරලැස්ගමුව රත්තණපිටිය පරමධර්මවර්ධනාරාම විහාරස්ථානයේ ආදී කතෘ වහන්සේලා ගුණානුස්මරණය කර වාර්ෂිකව සිදු කරනු ලබන පිංකම් මාලාව, වත්මන් විහාරාධිපති පූජ්‍ය රත්තොට සීලවංස හිමියන්ගේ අනුශාසනා පරිදි 2018 පෙබරවාරි 3 - 4 දෙදින මාතලේ, බකමූණ, කෝට්ටපිටිය, ශ්‍රී ආලෝකාරාම පිරිවෙන් විහාරස්ථානයේදී මතු පරිදි පැවැත්වේ.

2018 පෙබරවාරි 3 : රාත්‍රී 7.00ට - ධර්ම දේශනාව
ආචාර්ය ඔලගන්වත්තේ චන්ද්‍රසිරි හිමිපාණන්

2018 පෙබරවාරි 4 - දහවල් :
ප්‍රාදේශීය මහා සංඝරත්නය 30 නමක් විෂයෙහි සංඝගත දක්ෂිණාමය පිංකම හා දහම් පාසල් ළමුන් 150කට පාසල් උපකරණ බෙදා දීම.

ප්‍රාදේශීය මහා සංඝ රත්නය උදෙසා පිරිකර වශයෙන් ගෑස් ලිප් හා ගමන් පිරිකර පූජා කිරීමට බලාපොරොත්තු වේ.
ගෑස් ලිපක් සදහා : රු. 3500/=
ගමන් පිරිකර සදහා : රු. 1500/=

දහම් පාසල් ළමුන් 150 දෙනෙකුට පහත සදහන් පාසල් උපකරණ හැකි පමණ පරිත්‍යාග කළ හැකිය.
- පිටු 120 තනිරූල් පොත් 1500
- බෝල් පොයින්ට් පෑන්
- පැන්සල්, මකන කෑලි
- කවකටු පෙට්ටි
- කෑම පෙට්ටි
- වතුර බෝතල්
- පැන්සල් බෑග්

බැංකුවේ නම : ලංකා බැංකුව
බැංකු ශාඛාව : නුගේගොඩ
ගිණුමේ නම : පරමධර්මවර්ධනාරාමය
ගිණුම් අංකය : 76572752

පරමධර්මවර්ධනාරමය, නො. 135, රත්තණපිටිය, බොරලැස්ගමුව - ගමන් මග
දුරකතන : 011 2 518 551
වෙබ් අඩවිය : www.paramadhamma.org

By : Danula

1 comment:

  1. බොරලැස්ගමුව රත්තණපිටිය පරමධර්මවර්ධනාමාධිපතිව වැඩ සිටි වසර 76කට පෙර අපවත් වී වදාළ ආදි කර්තෘභූත අතිගෞරවාර්හ දන්කන්දේ උපතිස්සාභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ, වසර 39කට පෙර අපවත් වී වදාළ සල්පිටිකෝරළයේ ප්‍රධාන සංඝනායක අතිගෞරවාර්හ වෙරළුගස්තැන්නේ පේමානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ වසර 11කට පෙර අපවත් වී වදාළ "සද්ධර්මකීර්ති" ශ්‍රී අතිගෞරවාර්හ වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද මාහිමිපාණන් වහන්සේ සහ වසර 13කට පෙර අපවත් වී වදාළ වෙරළුගස්තැන්න ශ්‍රී සරණතිස්සාරාමාධිපතිව වැඩ විසූ අතිගෞරවාර්හ දන්කන්දේ සීලානන්ද මාහිමිපාණන් වහන්සේගේද, ගුණානුස්මරණය කර වාර්ෂිකව සිදු කරනු ලබන පිංකම් මාලාව, මෙවර වත්මන් විහාරාධිපති පූජ්‍ය රත්තොට සීලවංස හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි 2018 පෙබරවාරි මස 03 සහ 04 දෙදින, බකමූණ කොට්ටපිටිය ශ්‍රී ආලෝකාරාම පිරිවෙණ් විහාරස්ථානයේදී සිදු කෙරිනි.

    2018 පෙබරවාරි 03 වන දින ආචාර්ය ඔලගන්වත්තේ චන්ද්‍රසිරි හිමිපාණන්ගේ ධර්මානුශාසනාවක්ද, පෙබරවාරි 04 වන දින ප්‍රාදේශීය මහා සංඝරත්නය 30 නමක් විෂයෙහි සංඝගත දක්ෂිණාමය පිංකමක් සහ දහම් පාසල් ළමුන්ට පාසල් උපකරණ බෙදාදීම සිදුවිය.

    ReplyDelete

Powered by Blogger.