මහා පිරිකර පූජාව (SOLVED)

පින්වත් කල්‍යාන මිතුරනි,
වතුමුල්ල, උඩුගම්පොල, ශ්‍රී සුගතශාසනාධාර විහාරයේ වැඩ වාසය කරන්නාවූ ස්වාමින් වහන්සේලා 50 නමකට අධික පිරිසකට තම සාසන සේවාවන් සිදු කරමින් පිරිවෙන් අධ්‍යාපන කටයුතු කරගෙන යාම පැහැදු වන වස් පහත සදහන් පිරිකර පුජා කිරීමට කටයුතු සූදානම් කරමින් පවතී.

1. තීණි චීචරානි - තුන් සිවුර (දෙපට සිවුර, තනිපට සිවුර හා අඳන කඩය)
2. මෙට්ට
3. කොට්ට
4. මදුරු දැල්

දැනට ගණන් බලා ඇති ආකාරයට එක් ස්වාමින් වහන්සේ නමක් උදෙසා දායකත්වය ලබා දීමට රු.16000ක පමණ මුදලක් වැය වෙතයි ගණන් බලා ඇත. මේ උතුම් මහා පිරිකර පූජාවට සම්බන්ධ වී ඔබගේ නිවන් මාර්ගය පසක් කරගනිත්වා...! ඒ සදහා මේ සියලු පුජාවෝ අනුමෝදන් වේවා...!






සම්බන්ධ කර ගැනීමේ තොරතුරු :
* දක්ෂික ජයතිලක
* දුරකතන අංකය : 077 1 100 911
* ඊමේල් ලිපිනය : sinhaladjs@gmail.com


By : Danula

1 comment:

  1. Dakshika JayathilakaTuesday, 08 October, 2019

    2019.10.05 ශනිදා සවස ඔබ සියලු දෙනාගේ ධන, ශ්‍රම පරිත්‍යාගයෙන් අප සැමගේ නිවන් මග පසක් කරගැනීමට කරන ලද පාරමිතාව අතිශය සාර්ථක ලෙස අවසන් කරන ලද බව සිහිපත් කරමු. අප සැමගේ නොමසුරු දායකත්වය නිසාවෙන් පෙර සදහන් කල පරිදි,

    1. අන්සකඩ, අදනය, සිවුර (මිමි අනුව සකස් කරන ලද): 51
    2. මෙට්ටය - වසර 7ක වගකීම සහිත: 54
    3. කොට්ටය - (සෙල්සියස් වර්ජින් පොලි ෆයිබර්): 50
    4. සෙරමික් කෝප්ප: 51
    5. සෙසු පිරිකර
    බද පටි: 30
    ලේන්සු: 51
    පත්කඩ: 50
    චොකලට්: 50
    බේබි ක්‍රිම්: 50
    6. කොසු: 4
    7. කුණු බැහැරලන භාජන: 10
    8. දම්රෝ වානේ අල්මාරිය(ILC 002M): 1

    මහා සඟ රත්නයන් උදෙසා පුජා කිරීමට හැකිවූ බව පුන්‍යනුමොදිතව සිහිපත් කරමු. සියලු දෙනා හට එම කුසල් අනුමෝදන් වේවා...! එදින ලබා ගන්න ලද ජායාරුප මේ සමග ඇති යොමුව හරහා නැරබිය හැක.

    https://photos.app.goo.gl/Y6UuQFFP8RwwrvA2A

    එය දැක බලා සතුටුව එම සියලු කුසල් ඔබ, අප සියලු දෙනාගේ මාර්ගයන් වඩවා ගැනීමට හේතු කාරක වේවා...!

    ReplyDelete

Powered by Blogger.