සුනේත්‍රා ආරාම ධර්ම ශාලාව


තෙරුවන් සරණයි.

මොරිස්වත්ත සුනේත්‍රා ආරාමයේ අභිනවයෙන් ඉදිකරමින් පවතින ධර්ම ශාලාවේ වැඩ කටයුතු නිම කිරිම සඳහා පින්වත් ඔබ සැමගේ දායකත්වය අපේක්ෂා කරමු. මේ දිනවල එහි වහලයේ වැඩ කටයුතු නිම කරමින් පවතින අතර ඉදිරියේදී කපරාරු කිරීම, බිම ටයිල් යෙදීම, විදුලිය ලබා ගැනීමට අදාළ කම්බි පත සකස් කිරීම, ඇස්බැස්ටස් තහඩු යොදා වහලය අවසන් කිරීම ආදී කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වෙමු.

මෙයට දායක වී ඔබ සැමගේ නිවන් දොරටු විවර කර ගන්නා මෙන් කාරුණිකව සිහිපත් කරමු.

දැනට අවුරුදු තිහකට පමණ පෙර ගරු කම්මට්ටනාචාර්ය සුනේත්‍රා ලොකු සිල් මෑණියන් වහන්සේ විසින් මෙම භාවනා අසපුව ආරම්භ කරන ලද අතර එදා සිට ඉතාමත් අප්‍රකටව විදර්ශන භාවනා භූමියක් වශයෙන් පැවත එනු ලැබේ. අතීතයේ අරහතුන් වහන්සේලාගේ පාද ස්පර්ශයෙන් පුර්ණ වූ මෙම පුණය භුමිය තුල විදර්ශන භාවනාව කල යෝගාවචරයින් ගණන දස දහස් ගණනක් බව අප දනිමු. අදද එතුමිය මෙම ආරාමයේ සත්වයා හට පිහිට වෙමින් වැඩ වාසය කරයි. සියලු පහසුකම් නොමිලේ සපයන ආයතනයක් වන මෙම ආරාමයට නව දාන ශාලාවක් අවශ්‍ය වනුයේ පවතින දාන ශාලාවේ ඉඩ පහසුකම් මදි වීම හේතුවෙනි. මෙම ශාලාව වැඩ කටයුතු නිම වූ පසුව යෝගවචරයින් විසින් දානය ලබා ගැනීමේ ස්ථානයක් ලෙසත්, භාවනා වඩන ස්ථානයක් ලෙසත්, ධර්ම සාකච්චා කරන බණ අසන ස්ථානයක් ලෙසත්, රාත්ත්‍රියට ආරක්ෂිතව නිදා ගැනීමට සුදුසු ස්ථානයක් ලෙසත් යොදා ගනු ඇත.





සම්බන්ධ කර ගැනීමේ තොරතුරු :
* දක්ෂික ජයතිලක
* දුරකතන අංකය : 077 1 100 911
* ඊමේල් ලිපිනය : sinhaladjs@gmail.com



By : Danula

No comments:

Powered by Blogger.