සෙත් මැදුර

“සෙත් මැදුර” යනු බුද්ධි හීනතා සහිතව උපන්, අඩු ආදායම් සහිත පවුල්වල ගැහැණු ළමුන්ට තමන්ගේ එදිනෙදා ජිවිතයේ වැඩකටයුතු ස්වාධීනව කර ගැනීමටත්, කියවීම, ලිවිම, අත්කම් වැඩ, සංගීතය සහ නැටුම් උගෙනුමටත් අවස්ථාවක් ලබාදෙන නේවාසික ආයතනයකි.

පිහිටා ඇත්තේ මහනුවර සිට කිලෝ මීටර 12ක් දුරින් පිහිටි කලාපුර, නත්තරන්පොතය. දැනට මෙහි පුහුණුව ලබන දරුවන් 18 දෙනෙක් සිටිති. බුද්ධි හීනතා සහිත ළමුන් සම්බන්ධ පුහුණුවක් ඇති ගුරුමහත්මීන් උගැනුම් කටයුතු කරන අතර ආයතන පාලිකාව යටතේ දරුවන් නේවාසිකව තම එදිනෙදා කටයුතු කරගෙන අනුන්මත යැපීමෙන් තොරව ජිවත් වීමට පුහුණු වෙති.

අප ආයතනයට පැමිණ ළමුන්ට කෑම වේලක් හෝ තේ පැන් සංග්‍රහයක් කිරීමට කැමති කෙනෙක් වෙතොත් ආයතන පාලිකාව (විතානගේ මහත්මිය) අමතා දිනයක් වෙන්කර ගත හැකිය. ළමුන්ගේ ඇදුම් සහ වෙනත් අවශ්‍යතාවන් සදහා මුදල් ආධාරයක් කිරීමට කැමති නම්, බැංකු ගිණුම් විස්තර සදහා ඊමේල් පණිවිඩයක් එවිය හැක.



සම්බන්ධ කර ගැනීමේ තොරතුරු :
* විතානගේ මහත්මිය (ආයතන පාලිකාව)
* දුරකතන අංකය : 081 2 420 322
* ඊමේල් ලිපිනය : sethmadurakandy@gmail.com



By : Danula

No comments:

Powered by Blogger.